Satr Delta Starter

ඇයි මේ STAR DELTA? Leave a comment

සාමන්යෙන් කියන්නේ ඕනෑම මොටෝර් එකක් starting එකේදී සලකන්නේ SHORT CIRCUIT පත්දතියක් විදියට. INDUCTION motor එකක් starting එකේදී full load current එක වගේ 5 හෝ 6 ගුණයක් වගේ ධාරාවක් ලබා ගන්නව.

සමහරවිට ඔයාලට අත්දැකීම් ඇති .ගෙදර වතුර මොටෝරේ , AC එකේ outdoor compressor on වෙද්දී වගේ අවස්ථාවල දැකලා ඇති LIGHT dim වෙලා Supply එකේ පොඩි drop එකක් ඇතිවෙනවා. මේ නිසා (2kw වලට වැඩි ) motor එකක් නම් winding එකේ coil ක්ෂණිකයෙන් දැවී යන්නත් පුළුවන්.පද්ධතියට සම්බන්ද අනෙකුත් උපකරණ වලට හානි වෙන්න පුළුවන් . ආරක්ෂක උපකරණ (Thermal overload, mccb ) trip වෙලා විදුලි සම්බන්දතාවය අනහිටින්න පුළුවන්. මේ ආකාරයේ නොයෙකුත් ප්‍රශ්න පැනනගින්න පුලුවන් . ඒ නිසා තාම Star delta starter, Auto transformer starter,Rotor Resistance starting method,Soft starters මේ වගේ විවිදාකාර ක්‍රමවේද බවිතවෙන්නේ.

Starting එකේදී STAR විදියට WINDING එකට supply දෙනකොට වෙන්නේ winding එකට ලැබෙන්නේ අඩු වෝල්ටීයතාවක්. වෝල්ටීයතාව අඩුයි නමුත් වැඩි ධාරාවක් ලබාගන්න පුළුවන්. මේ විදියට ආරම්බ වෙලා ටිකක් වෙලා යනකොට motor එකේ සද්දේ අනුව පළපුරුදු technician ලා දන්නවා දැන් delta connection එකට මාරු වෙන්න අවශ්‍ය කාල පරාසය මෙච්චරයි කියල. සමහර වෙලාවට තත්පර4ක් වෙන්නත් පුළුවන්. තත්පර 12ක් වෙන්නත් පුළුවන් ඊට වැඩ වැඩි වෙන්නත් පුළුවන්. මොටෝර් එකේ hp එහෙමත් නැත්නම් kw ගාන එක්ක මේ කාල පරසේ එහෙමෙහෙ වෙන්න පුළුවන්.

ඒ අනුව star වල ඉදල delta වලට connection එක මරුකරගන්නවා. delta එකේදී winding එකකට ලැබෙන වෝල්ටීයතාව වැඩි ධාරාව අඩුයි. Delta එකට මාරුවෙච්ච ගමන් මොටර් එකේ speed එක එතකොට torque එක වගේ දේවල් තවත් වැඩි වෙලා ලබාදෙන්න පුලවන් උපරිම kw අගය ජනිත කරනවා.

Leave a Reply